ලොව විශාලතම බහාලුම් නෞකාවක් ලෙස හැඳින්වෙන ‘EVER ACE’ නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.
අඩි 20 ක් දිගැති බහාලූම් 24,000 ක් පමණ රැගෙන යා හැකි දැවැන්ත නෞකාවක් වන එය මීටර 400 ක දිගින් සහ මීටර 61.5 ක පළලකින් සමන්විත වේ.
කොළඹ වරාය ද ඇතුළුව, මෙම නෞකාවට ගමන් කළ හැක්කේ ලෝකයේම වරායවල් 24කට පමණක්වීම විශේෂත්වයක්.
‘EVER ACE’ නෞකාව, කොළඹ වරාය වෙත පිවිසෙන මංගල ගමන ද මෙය බව ශ්රී ලංකා වරාය අධිකාරිය සඳහන් පවසයි.