සීනි,ලොකු ලූණු සහ අර්තාපල් මිල ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙන්දෝ පවසති.
සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 130ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් වෙළෙඳපොල තුළ සීනි හිඟයක් ඇති වී තිබෙන බව වෙළෙන්දෝ පවසති.
ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 150 – 160 ත් අතර වීම නිසා මේ වන විට ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලංකා අර්තාපල් කිලෝවක කොළඹ තොග මිල රුපියල් 130 – 140 ත් අතර වීමත් සමඟ සිල්ලර මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් ඇත.
රට අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 110 – 115 ත් අතර පැවති බැවින් කිලෝවක සිල්ලර මිල රුපියල් 160 – 180 ත් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙළෙන්දෝ වැඩිදුරටත් පවසති. – Aruna