මාරවිල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා හැර සෙසු නිලධාරීන් සියලුම දෙනා නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත.
දින කීපයක් තුළ සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව මාරවිල පොලිසියේ නිලධාරීන් 28 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසානය වී ඇති බවට හඳුනා ගෙන ඇත. ඒ අනුව මාරවිල පොලිසියේ සේවය කරන සියලුම නිලධාරීන්ව පසුගිය 18 වැනිදා සිට දින 10ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමට මහවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පියවර ගෙන ඇත.
හලාවත කොට්ඨාසයේ වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් යොදවා රාජකාරි කටයුතු කරගෙන යාමට කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා මේ වන විට කටයුතු කර ඇත.
ජූඩ් සමන්ත – පුත්තලම