සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අනතුරු ඇඟවීමක්

ජනතාවගේ නොසැලිකිලිමත් හැසිරීම හේතුවෙන් ඉදිරියේ දී රට තුළ කොවිඩ් රෝගීන් වර්ධනය වුවහොත් අනවශ්‍ය ලෙස සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.අවධාරණය කරනවා.
ඔහු පැවසුවේ මේ වන විට ඇතැම් පිරිස් සෞඛ්‍ය උපදෙස්වලින් බැහැරව කටයුතු කරන බවයි.

“අපි හැමෝම නිවාඩුවක් ගත කළ යුතුයි. නමුත් තාමත් එයට අවස්ථාව නෙමෙයි. ඒ නිසා තමන්ගේ ගෙදරම රැඳී සිටිමින් මේ නිවාඩුව ගත කරන්න. නමුත් අපි අත්දැකීමෙන් දැක්කා බොහෝ පිරිස් සංචාරක ස්ථානවලට ගොස් තිබුණා. ඒ වගේම බොහෝ පිරිස් මුඛ ආවරණයක්වත් නැතුව තමයි එම ස්ථානවල හැසිරුණේ. මෙහෙම හැසිරෙන්න ගියොත් අපිට තව රෝගීන් වැඩිවීමක් අනිවාර්යයෙන් ම බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. අපි දැනටත් ඉන්නේ රෝගීන් 500ක් – 600ක් වාර්තා වන ස්ථානයක. අපේ ඒ පිළිබඳ තියෙන සැලකිල්ල ඉතාමත් ම අඩුයි. මෙම රෝගීන් වැඩි වුණාට පස්සේ, අපිට නැවත වරක් අනවශ්‍ය ලෙස සීමාවන් පණවන්න සිද්ධ වෙනවා මේ නොසැලකිලිමත්කම නිසා. ඒ නිසා අපිව ඒ තත්ත්වයට ඇදලා දාන්න එපා. අවම වශයෙන් මුඛ ආවරණයවත් පලඳින්න. සෞඛ්‍ය පුරුදු අවම වශයෙන් දෙසැම්බර් මස අවසන් වන තුරුවත් දැඩිව පිළිපැඳිය යුතුයි. එන්නත් දෙකම ගත්තත් රෝගය සෑදීමට සම්භාවිතාවක් තියෙනවා.”

පුවත යවන්න