විශ්වවිද්‍යාල කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබා දී තිඛෙනවා.
නොවැම්බර් පළමුවනදා සිට අධියර කිහිපයක් යටතේ විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීමට තීරණය කළ බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කළේ.
එක් එක් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ දින පිළිබද තීරණය කිරීමේ බලය අදාළ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්ට පවරා තිඛෙනවා.
කෙසේවෙතත් පළමු අදියර යටතේ විශ්වවිද්‍යාල සදහා පැමිණීමට අවසර ලබා දී ඇත්තේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ගතවූ සිසුන්ට පමණයි.
එමෙන්ම සිසුන් ප්‍රමාණයෙන් සියයට 25ක් පළමු අදියරේදී අධ්‍යන කටයුතු සදහා ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කළේ.