කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පනවා තිබු සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් අද සිට ක්‍රියාත්මක වන පරිදි ලිහිල් කර තිඛෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාව නිකුත් කර ඇත.
ඒ අනුව භෝජන ශාලාවල සිටිය හැකි පුද්ගලයින් ගණන එහි ධාරිතාවෙන් 1රැ3ක් හෝ උපරිම පුද්ගලයින් 75කට නොවැඩි විය යුතුය.
එමෙන්මල එළිමහන් උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩිකර ඇත.
මංගල උත්සව සඳහා එම ශාලාවේ ධාරිතාවෙන් 1/3ක් හෝ පිරිස 100 දෙනෙකුට නොවැඩි විය යුතු බව සඳහන් වෙයි.
එළිමහන් මංගල උත්සව සඳහා අමුත්තන් 150ක උපරිමයකට යටත්ව රැස්වීම සඳහා අවසර ලබාදී ඇත.
එහිදී මත්පැන් භාවිතා කිරීමට අවසර හිමි නොවන බව දැක්වේ.
එමෙන්ම නිල රැස්වීම් සඳහා අවසර හිමිවන්නේ එම රැස්වීම පවත්වන ශාලාවේ ධාරිතාවෙන් 1රැ3ක් හෝ උපරිම පිරිස 150කට නොවැඩි විය යුතුය.
එමෙන්ම රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබු නිරෝධායන සංචරණ සීමාවන් ද ඉවත්කර තිබේ.