චීන කාබනික පොහොර අඩංගු නෞකාව රටට ඇතුළු කර නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ඔහු පැවසුවේ අදාළ නෞකාව රට තුලට නොගන්නා බවට සහතික විය හැකි බවයි.
අදාළ සමාගමට කිසිදු ගෙවීමක් සිදුනොකරන බවත් පොහොර නැව ආපසු හරවාගොස් නැවති නිවරදී ප්‍රමිතීන්ට අනුව රැගෙන එන්නේ නම් එය භාර ගන්නා බවයි අමාත්‍යවරයා සදහන් කළේ.