මගේ ආණ්ඩුවක් යටතේ ගොවියා අමාරුවේ දාන්නේ නෑ -මෛත්‍රී

තම ආණ්ඩුවක් යටතේ ගොවියා පීඩාවකට පත්වීමට ඉඩ නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

බකමූණ නගරයේ විරෝධතාවක නිරත ගොවීන් පිරිසක් හමුවේ හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ගොවි ජනතාව පිළිබද තමන් ආණ්ඩුව සමග කෙතරම් සාකච්ඡා කළත් ඔවුන් තමන්ට ඇහුම්කන් නොදෙන බවයි මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේ.

ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන බවත් තමන් එාවා ගණන් නොගන්නා බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

පුවත යවන්න