හානිකර බැක්ටීරියා සහිත චීන කාබනික පොහොර රැගත් Hippo Spirit නෞකාව ශ්‍රී ලංකා මුහුදේ #SeaOfSriLanka වැලිගමට නාවික සැතපුම් 61 දුරින් ඇති බව නාවික ගමනාගමන වෙබ් අඩවි තහවුරු කරයි.
අදාළ නෞකාව ඊයේ (01) ජාත්‍යන්තර නාවික ගමනා ගමන දත්ත පිළිඹිබු කරන පද්ධති තුළ යාවත් කාලීනව නොතිබූ අතර එය අවසන් වරට චන්ද්‍රිකා දත්ත පද්ධතිවලට අනුව පසුගිය 24 වනදා දිස්වූයේ, හම්බන්තොට ආශ්රිත මුහුදේදී ය.
ඒ වනවිට හිපෝ ස්ප්රිට් නමැති නැවේ නම සෙයියෝ එක්ස්ප්ලෝරර් ලෙස වෙනස්කර තිබිණ.
24 වනදා නැව දිස්වූයේ හම්බන්තොටට නුදුරින් යාල ජාතික වනෝද්‍යානයට ආසන්න ගොඩ බිමට නාවික සැතපුම් 4.18 ක් තරම් සමීපවයි.
පසුගිය 31 වනදා වනවිට නැවේ ගමන් මාර්ගය නැවතත් චන්ද්‍රිකා දත්ත පද්ධතිවල සඳහන් කර තිබූ අතර එහි නමද හිපෝ ස්ප්රිට් ලෙස නැවතත් සඳහන් කර තිබිණ.