කොවිඩ් ආසාදිතව තවත් පුද්ගලයින් 566 ඊයේ (01) දිනයේ මෙරටින් හඳුනා ගැනිණ.
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඉන් වැඩිම පිරිස වන ආසාදිතයින් 96 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 51 කි
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 541,639 ක් වන අතර තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 14,787කි.
ඊයේ දිනයේත් කොරෝනා අසාදිත මරණ 17ක් වාර්තා වූ අතර ඉන් 11 දෙනෙකුම වයස අවුරුදු 60 සහ එම සීමාව ඉක්මවූවන් ය.
යුද හමුදාපතිවරයා පවසන්නේ, මෙවන් තත්ත්වයක් තුළ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව බුද්ධිමත්ව කටයුතු කළ යුතුව ඇති බවයි