මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළි 600 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව ඊයේ වාර්තා වූ අසාදිතයනන් සංඛ්‍යාව 628ක් දක්වා ඉහළ ගියා.
ඒ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 544,013 දක්වා ඉහළ නංවමින්.
එමෙන්ම කොරෝනා ආසාදිත වී රෝහල්ගත වන ගැබිනි මව්වරුන් සංඛ්‍යාවද සුළු මට්ටමකින් ඉහල ගොස් තිබෙනවා.
මේ අනුව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මෙරට තුළ කොරෝනා ආසාදිතයන් අඩුවීම නැවතී ඇති බවයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාවද එම මාධ්‍ය හමුවට එක් වූ අතර ඔහු පැවසුවේ, ජනතාව එක් රැස්වන ස්ථාන ආශ්‍රිතව මේ දිනවල කොරෝනා ආසාදිතයන් හමුවන බවයි.