සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් අංගොඩ ලොක්කා නමැත්තා ඉන්දියාවේදී මියගිය බවට තහවුරු වී තිබෙනවා.ඒ ඔහුගේ මවගෙන් සහ සහෝදරියගෙන් ලබාගත් ඩී.එන්.ඒ. සාම්පල, ඔහුගේ සාම්පල සමග සමාන වීමත් සමඟයි.
මීට අදාළ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය අද වාර්තා කළේ.පසුගිය දා ඉන්දීය ආරක්ෂක අංශ කළ ඉල්ලීමකට අනුව මවගේ සහ සහෝදරියගේ ඩී.එන්.ඒ සාම්පල එරටට යැවීමට මෙරට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවා.
පසුගියදා තමිල්නාඩුවේ කොයිම්බතූර් හිදී අංගොඩ ලොක්කා මියගොස් තිබූ අතර, ඉන් අනතුරුවයි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේ.