මංගලගේ මිල සූත්‍රය ගම්මන්පිලට දැන් හොද වෙයි

ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව රටට වඩාත් ගැලපෙන්නේ ඉන්ධන මිල සූත්‍රය යළි හදුන්වාදීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම රටට වඩාත් වාසිදායක බවයි උදය ගම්මන්පිල මහතා සදහන් කළේ.

මිල ස්ථායිකරණ අරමුදල මගින් ජනතාවට ඉන්ධන සහනයක් ලබා දීමට නොහැකි බවද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙහිදී පෙන්වා දුන්නා.

පුවත යවන්න