දකුණු අප්‍රිකානු ප්‍රභේදය ලංකාවට ඇතුළුවීමේ අවදානමක්

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ බරපතල මට්ටමේ කොරෝනා ප්‍රභේදය ලංකාවට ඇතුළුවීමේ වැඩි හැකියාවක් පවතින බව අනාවරණ කර තිබෙනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ , විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ , ඕනෑම මොහොතක මෙම අවදානම මතු විය හැකි බවයි.
දැනට පවතින දත්ත මත පදනම්වල නව ප්‍රභේදය (B.1.1.529) මඟින් එන්නත් මගින් හිමිවූ ප්‍රතිශක්තිය යම් ප්‍රමාණයකට මග හැරිය හැකි බව ද තහවුරු කර තිබෙනවා.
නව ප්‍රභේදය කොරෝනා එන්නත් සියයට 40කින් අඩපණ කරන අතර එය බරපතල තත්ත්වයක් බවයි හඳුනාගෙන ඇත්තේ.
මෙම ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා අප්‍රිකාවේ රටවල් 6ක සිට සිදුකරන ගුවන් ගමන් තහනමක් පනවා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම ප්‍රභේදය ලෝකයේ ඕනෑම තැනක පැතිරී තිබිය හැකි බවටයි ජාත්‍යන්තර මාධ්‍ය අනතුරු අඟවා ඇත්තේ.
වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිසි සෞඛ්‍ය පියවර අනුගමනය කරන ලෙසත් සියළු දෙනා එන්නත් ලබාගන්නා ලෙසත් , විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ඉල්ලීමක් කළා.

පුවත යවන්න