ප්‍රබල මට්ටමේ භූ කම්පනයක් සමග ඉන්දුනීසියාවට පැනවූ සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර තිබෙනවා.
ඉන්දුනීසියාවට ආසන්න සාගර කලාපය තුලදී ඒකක 7.3 ක භූ කම්පනයක් හට ගැනීමෙන් පසුවයි මෙම අනතුරු ඇඟවීම නිකුත් කෙරුණේ.
මෙම භූ කම්පනය සමග නැගෙනහිර නූසා කලාපය ආශ්‍රීත ජනතාව පළා ගිය බවයි ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කළේ.
සුනාමි අවදානමක් මතුවීමේ හැකියාව ඊට බලපා තිබුණා.