ගෑස් පිපිරීම් ගැන සොයන්න පත්කළ කමිටුවේ අවසන් වාර්තාව හෙට ජනපතිට

ගෑස් පිපිරීම් සහ අනතුරු පිළිබද විමර්ශනය සදහා පත්කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව හෙට ජනාධිපතිවරයාට භාරදීමට නියමිතව තිඛෙනවා.

එම කමිටුවේ සභාපති මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා ලංකා ඒ නිව්ස් වෙත පැවසුවේ මේ වන විට අදාල වර්තාව සම්පුර්ණයෙන් සකස් කර අවසන් බවයි.

වාර්තාව සැකසීමේදී පසුගිය දිනකිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වු ගෑස් සම්බන්ධ අනතුරු පිළිබද විධිමත්ව විමර්ශනය කර තිඛෙනවා.

ඒ අනුව ගෑස් සමාගම් නියෝජිතයින් සහ පාරිභෝගිතයින් ඇතුළු පාර්ශව රැසකින් ප්‍රකාශ සටහන් කරගත් බව ද මහාචාර්යවරයා සදහන් කළා.

පුවත යවන්න