BREAKING NEWS: හිටිහැටියේ ඉන්ධන මිල වැඩි කරයි/ නව මිල ගණන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය කටයුතු කර තිඛෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නව මිල ගණන් ප්‍රකාශයට පත්කළා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 177කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23කින් ඉහළ දැමීමටයි රජය පියවර ගෙන ඇත්තේ. ඒ අනුව එහි නව මිල රුපියල් 207ක්

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 121කි.

සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 159කි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩිකර ඇති බවයි. ඒ අනුව එහි නව මිල රුපියල් 87කි.

පුවත යවන්න