නැවත විදුලි කප්පාදුවක අවදානමක්

ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තාවකාලිකව විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන ධාරිතාව සම්පුර්ණ නොවීම මීට හේතුවී ඇති බවයි.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට පැය භාගයක් හෝ විනාඩි 45ක පමණ කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව ද සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළා.

පුවත යවන්න