ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව කටයුතු කිරීමට තම පක්ෂයට හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ දුෂණයෙන් තොර පක්ෂයක් බවයි.
ඒ අනුව ඔවුන් සමග එක්ව අනාගතය ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් බව ද ඔහු සදහන් කළා.
වාමාංශික බලවේග එකතුකළ යුතු බවට වන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැමවිටම කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේ.