හදිසියේ ගෙග්‍රරි වැවේ ජලය හිස් කළ හේතුව මෙන්න

ගෙග්‍රරි වැවේ ජලය හිස් කිරීමෙන් තමන් දැඩි අසීරුතාවන්ට පත්ව ඇති බව වැව අශ්‍රීතව ජීවිකාව ගෙන යන බෝට්ටු හිමියන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ග්‍රෙගරි වැවේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට සහ ග්‍රෙගරි වැව සංවර්ධනය කිරීමට බව පවසමින් නුවරඑළිය නගර සභාව විසින් එහි ජලය හිස් කිරීමට පියවර ගෙන ඇති බවයි.

නුවරඑළිය ග්‍රෙගරි වැව් ඉස්මත්ත උත්සව සමයේ දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරීයන බවත් එහි ජල ඉවත් කිරීමට හදිසියේ කටයුතු කිරීම නිසා සිය වෘත්තිය කිරීමට නොහැකි වී ඇති බවයි බෝට්ටු හිමියන් පවසන්නේ.

පුවත යවන්න