අගමැති ඉවත්වෙන කතාව බොරුවක් / මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.
අද මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසුවා.

“අගමැතිතුමා යනවා නම් අපිට කියලා යන්නේ. මහින්ද රාජපක්ෂ එලවන්න කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ. අද රටේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ජනපති වටා ඉන්න අය නිසා රට ගෙනියන්න බැහැ. එක කේවට්ටයෙක් නම් දැන් බැහැරවෙලා. අයියා මල්ලී එකතුවෙලා ඩොලර් පස්සෙ නොයා.., ඉන්න අය හුවමාරු කළොත් රට කරන්න පුලුවන්. පොහොර ගැන කේවට්ටයෙක් උපදෙස් දුන්නා. අන්තිමට ජනතාවට රට එපාවුණා. ගෑස් පිළිබඳත් එහෙම වුණා. වෙන්න යන දේ වළක්වාගන්න නම් මහින්ද මහත්තයා ගිහින් හරියන්නේ නැහැ. මහින්ද මහත්තයා මේකේ ඉන්න ඕනේ. තීන්දුවක් ගත්තානම් වහාම අත්හරින්න. ජනපතිතුමනි කේවට්ටයින් ඉවත්කරන්න. ශෝධනයක් කළොත් ඉලක්කයට යන්න පුළුවන්. හණමිටි බදාගෙන ගියොත් අපිත් රටත් විනාශයි. විවේක ගන්න පිටරටම යන්න ඕනේ නැහැනේ. බලයට පත්කරපු ජනතාව හාමතේ තියලා
හෝටල්වලට ගියපු එක ගැන ජනතාව තීන්දු කරයි.”

පුවත යවන්න