සාමාන්‍ය සේවා බස් ගාස්තු සියයට 17.44 කින් ඉහළ දැමීමත් සමඟ අධිවේගී මාර්ග බස් ගාස්තු ද ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව කොළඹ සිට කතරගම දක්වා ගාස්තුව රුපියල් 1210 ක් දක්වා ඉහළ දැමූ බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කළා.
ඒ අනුව කොළඹ සිට කතරගම මාර්ග අංක EX 1-86/32 ගාස්තුව රුපියල් 1,210 ක් දක්වා සහ කොළඹ සිට කතරගම මාර්ග අංකEX 1-12/32 රුපියල් 1,160 ක් දක්වා ද, මාතර සිට මහනුවර දක්වා ගාස්තුව රුපියල් 1,060 ක් දක්වා ද, කොළඹ සිට මාතර දක්වා ගාස්තුව රුපියල් 670 ක් දක්වා ද, ලෙස සෙසු ගාස්තු ද ඉහළ දමා තිබෙනවා.