කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට මෙරට දෘශ්‍යාබාධිත පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ලංකා අක්ෂි සත්කාර අක්ෂි වෛද්‍ය සංගමය පවසනවා.
එම සංගමයේ ප්‍රධානී අක්ෂි රෝග විශේෂඥ නරේෂ් ප්‍රධාන් කියා සිටියේ මෙරට තුල සිදුකළ අධ්‍යයනයකදී ජනගහනයෙන් සියයට 1.1 ක් දෘෂ්‍යාබාධිත තත්ත්වයන්ගෙන් පෙලෙන බව හෙළිව ඇති බවයි.
මෙය ඉන්දියාවේ සියයට 0.47 ක් නේපාලයේ 0.37 ක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ශ්‍රී ලාංකිකයන් අක්ෂි ප්‍රතිකාර සඳහා යොමුවීම අඩුවීමද මෙම තත්ත්වයට ප්‍රධාන සාධකයක් ලෙස නම් කර තිබෙනවා.
වසංගත තත්ත්වය සමග බොහෝ දෙනකු දුරකථනවල සහ පරිගණක ඉදිරිපිට කාලය ගත කිරීම ද මෙම තත්ත්වයට බලපාමින් පවතින බවයි ,අක්ෂි සත්කාර අක්ෂි වෛද්‍ය සංගමය සදහන් කළේ.