මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හඳුන්වා දුන් සහන පැකේජය තුළින් රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
මෙයින් තාවකාලික සහනයක් ලැබුණත් මෙම සහන පැකේජය හේතුවෙන් රට තුළ අති උද්ධමනයක් ඇති විය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.
රජයේ සංඛ්‍යාලේඛන අනුව රට තුළ උද්ධමනය 12.1කින් සහ ආහාර උද්ධමනය සියයට 22 කින් වැඩිවී ඇති අවස්ථාවක රජය මෙම තීරණය ගැනීම විනාශයක මුල බවයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ.