සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා තනතුරින් පහ කල අයුරින් තවත් අමාත්‍යවරුන් කීප දෙනෙකු තනතුරුවලින් පහ කිරීමට නියමිතව ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසිය . සුසිල් ප්‍රේමජයන්ත මහතා තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේ රජය හා අමාත්‍යවරුන් විවේචනය කිරීම හේතුවෙන් බව ප්‍රකාශ කල සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මෙන් රජයේ සියලු සැප පහසුකම් භුක්ති විදිමින් ජනාධිපතිවරයා හා රජය විවේචනය කරන අමාත්‍යවරුන් කීප දෙනෙකු සිටින බවද පැවසිය .
” රජය විවේචනය කරන පුද්ගලයනට මේක හොද පාඩමක් . දැන් හෝ ඒ පුද්ගලයන්ට නිවැරදි විය හැකියි . නැත්නම් සොරි තමයි . මේ රජය හැදුවේ ගොඩක් අමාරුවෙන් සුළු සුළු ප්‍රශ්න තියනවා .ඒවා කතා කරන්න තැන් තියනවා .කැබිනට් මණ්ඩලය තියනවා , කණ්ඩායම් රැස්වීම තියනවා . මේ අය ඒ තැන් වල මුකුත් කතා නැහැ .නමුත් මාධ්‍යට ඉසරාහට ගිහින් වීරයෝ වෙන්න යනවා ”
ජනාධිපතිවරයා ගත්තේ ඉතා හොද තීරණයක් බවද රජය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වැඩිදුරටත් පැවසිය.