වර්ධනය වෙමින් පවතින කොරෝනා අවදානම මත චීනයේ තවත් නගරයක් වසා දමා තිබෙනවා.
සී එන් එන් පුවත් සේවය වාර්තා කළේ, මිලියන 1.2 ක් වාසය කරන හූනාන් ප්‍රාන්තයේ යුසෝහු නගරය මෙසේ වසා දැමූ බවයි.
මේ වන විටත් චීනයේ ෂීයාන් නගරය බරපතල කොරෝනා අවදානමක පවතින අතර සති 2කට ආසන්න කාලයක් පුරා එම නගරය වසා දමා තිබෙනවා.
දෛනිකව එම නගරයෙන් ආසාදිතයන් 100ක් පමණ වාර්තා වන බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම පැවසුවේ.
මෙම ආසාදිතයන් ප්‍රමාණය සාපේක්ෂව අඩු අගයක් වුවද චීනය ක්‍රියාත්මක සීරෝ කෝවිඩ් ප්‍රතිපත්තිය මත එය බරපතල අගයක් ලෙස සලකනු ලබනවා.
එක් ආසාදිතයකු හෝ වාර්තා නොවන මට්ටමේ ප්‍රතිපත්තියක් චීනය අනුගමනය කරමින් පැවතියද එය මේ වන විට අර්බුධයකට ලක්ව පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ.