ජාතික ගමනාගමන කොමිසම විසින් ප්රකාශයට පත්කළ නව බස් ගාස්තු සංශෝධනය අද සිට ක්රියාත්මක වනවා.
ඒ අනුව බස් ගාස්තු සියයට 17කින් අද සිට ඉහළ යනු ඇති.
අවම බස් ගාස්තුව ද රුපියල් 17ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළා.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා සදහන් කළේ බස් ගාස්තු වැඩි වීමට සාපේක්ෂව සීසන් ටිකට්පත් ගාස්තුව ඉහළ දැමෙන බවයි.