දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා. ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් හරහායි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකොන් ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පරීක්ෂණ සභාවේ සාමාජිකයන් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ, අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ යන මහත්ම මහත්මීන්.
ඒ අනුව, මාස 03 ක් ඇතුළත විමර්ශන සිදුකර ලබාදෙන දඬුවම් දක්වමින් වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට නියෝග කර තිබුණා.