ගෑස් පිපිරීම් පිටුපස යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේදැයි සැකයක් මතුව ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
කුරුණෑගල අද පැවැති උත්සවයකින් පසුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉතා රහසිගතව සොයා බැලීමක් සිදුකරන බවයි.
ඊට අදාළ විමර්ශන කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ඒ අනුව මෙම ගැටලුව ඉදිරි සති කිහිපය තුළ විසදෙනු ඇති බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සදහන් කළේ.