රටේ ලක්ෂ 6ක් කොරෝනා එන්නත මඟහැර සිටින බව හෙළිවෙයි

මෙරට තුල ලක්ෂ 5ත් 6ත් අතර පිරිසක් එන්නත් නිසිදු කොරෝනා එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගෙන මග හැර සිටින බව අනාවරණ වී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතාගෙන් කළ පැවසුවේ , මෙම පිරිස් හේතුවෙන් සමස්ථ සමාජය තුල බරපතල සෞඛ්‍යමය අවදානමක් මතුවී ඇති බවයි.
එන්නත් ලබා නොගත් පිරිස්වලට කොරෝනා වෛරසය ප්‍රබල ලෙස පැතිර විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.
එන්නත මඟ හැර සිටින පිරිසෙන් බහුතරයක් තරුණ කණ්ඩායම් වන අතර ඇතැම් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන මිත්‍යා මත හේතුවෙන් ඉන් බහුතරයක් එන්නත මඟ හැර සිටින බවයි අනාවරණ වී ඇත්තේ.
එන්නත් මාත්‍රා එකක් හෝ ලබා නොගත් 20,000 කට වැඩි පිරිසක් කොළඹ නගරයේ සිටින බව කොළඹ නගර සභා ආරංචි මාර්ග අනාවරණ කළා.
මෙරට ජනගහනයෙන් සියයට හැත්තෑ හතරක් එන්නත් පළමු මාත්‍රාව ලබා ගෙන ඇති අතර එන්නත් දෙවෙනි මාත්‍රාව ලබා ගෙන ඇති සංඛ්‍යාව සියයට 64ක්.
බූස්ටර් එන්නත ලබාගෙන ඇති සංඛ්‍යාව මෙරට ජනගහනයෙන් සියයට 20 ක් පමණයි.

පුවත යවන්න