අද ආසාදිතයන් 588 ක් / ඊයේ කොරෝනා මරණ 16 ක්

අද (07) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 588ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ අතරට විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් 7 දෙනකු ද ඇතුලත්.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 590,651ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර තවත් කොරෝනා මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ තහවුරු කළ බවයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,099ක්.

පුවත යවන්න