දෙහිවල ප්රදේශයේදී පසුගියදා කිමිදුම්කරුවකු ඩැහැගෙන ගිය මිනී කන කිඹුලා ඊයේ දින කොළඹ වරාය නගරයේ වෙරළට පැමිණ සිටි ආකාරයක් දැකගත හැකි වුණා.
ඒ අනුව මෙම කිඹුලා ඉවත්කිරීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව ද වාර්තා වනවා.
මේ අතර වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස යන මුහුදු වෙරළ තීරයන්වල සිටියදී කිඹුලන් තුන් දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබුණා.