පාඨලී චම්පික රණවක මහතා වකුගඩු රෝගය ඇතුළු රෝගී තත්ත්ව කීපයක් සම්බන්ධයෙන් කොළඹ ලංකා පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යරයාට නියම කර තිබෙනවා.
ඒ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ වකුගඩු රෝගය ඇතුළු රෝගී තත්වයන් සම්බන්ධයෙන් පාඨලි චම්පක රණවක මහතා ලංකා පෞද්ගලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්නා බව ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා දැනුම් දුන් අවස්ථාවේදීයි.
මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර තිබුණා.