ඉදිරි සති 06ත් 08ත් කාලය අතරතුරදී යුරෝපා ජනගහණයෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
යුරෝපා කලාපයෙන් දෛනිකව වාර්තාවන වයිරස ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු ඇඟවීම සිදුකරන්නේ. පසුගිය සතිය තුළදී පමණක් එම කලාපයෙන් හමුවී ඇති වයිරස ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 7කට අධික බව ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් පවසනවා. ඉදිරි සති කීපය ඇතුළත තත්ත්වය තවත් බරපතල අතට හැරෙනු ඇති බවටයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. කෙසේ වුවද එන්නත්කරණය තුළින් රෝහල්ගතවීම හා කොරෝනා මරණ අවමකර ගැනීමට හැකියාව පවතින බවද වෛද්‍ය විශේෂඥයින් පවසනවා.