ශ්‍රී ලංකාව මේ වසරේ සිටට 5.5 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා පවසනවා.
අද පැවැති මාධ්‍ය හමුක් අමතමින් ඔහු මෙම අදහස් පල කළා.
“මම හිතන්නේ අපිට මේ අවුරුද්ද තුළදී 5.5%ක පමණ ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගන්නට පුළුවන් වෙයි. එය පසුගිය වසරේ යම්කිසි අඩු ආර්ථික වර්ධනයක් තිබුණ නිසා ඒක ජයක් හැටියට සැලකුවේ නැතත් 5.5% වර්ධන වේගයක් අපිට ඇති කරගන්න පුළුවන්නම් ඒක සාර්ථක එකක් හැටියට තමයි මම දකින්නේ. ඒක කරන ගමන්ම අපිට තවත් අභියෝග කිහිපයක් තිබෙනවා ජයගන්නට. අපි හැමෝම දන්නවා ආර්ථිකයක් හසුරවද්දි සියලුම අංගයන් එකට වර්ධනයවීමක් ඇති කරගන්නට අවශ්‍යයි. එහෙම කරගෙන යන අතරම තමයි මේ කටයුත්තට අපි යෙදෙන්නේ. මම හිතන්නේ ඒක අපිට ළඟා කරගන්න පුළුවන් වෙයි. ඒ සඳහා සියලුදෙනාම එකතුවෙලා එකට වැඩකරන්න ඕනේ. විවිධ පැතිවලින් එන විවිධ අභියෝග තවදුරටත් වැඩිකරන්නේ නැතුව ඒක කෙරුවනම් හොඳයි එක තමයි මගේ අදහස.”