වැලිකඩ හිරගෙදර රඳවා සිටි රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු ලෙස නම් කළ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතාට මරණ දඬුවම ලබාදීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළා.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා නිදොස් කර නිදහස් කිරීමටටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.
2012 වසරේ වැලිකඩ බන්ධනාගාර ගැටුමේදී රැඳවියන් 8 දෙනෙකුගේ ඝාතන සම්බන්ධයෙන් නඩුව පවරා තිබුණා.
නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලිමකට අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලද අතර එම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුන් වන ගිහාන් කුලතුංග, (සභාපති) මංජුල තිලකරත්න, සහ ප්‍රදීප් හෙට්ටආරච්චි යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්රනාශයට පත් කළා.