ඩීසල් නොමැතිව අක්‍රිය වී ඇති කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙක සඳහා අද(14) උදෑසන ඉන්ධන මෙට්‍රික් ටොන් 3,000ක් ලබා දීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී, ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ එම ඉන්ධන ලැබීමත් සමඟ අදාළ බලාගාර යළි පණගැන්විය හැකි බවයි.
පද්ධතියට සම්බන්ධ වෙනත් බලාගාර, යම් ප්‍රශ්නගත තත්ත්වයකට පත් නොවුණහොත් යළිත් විදුලි සැපයුම යථාවත් කළ හැකි බව ඔහු ප්‍රකාශ කළා.
ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ, එම ඉන්ධන තොගය ප්‍රමාණවත් වන්නේ දින දෙකකට පමණක් බවයි.
ඒ අනුව තවත් ඉන්ධන තොග කඩිනමින් එම බලාගාර සංකීර්ණය වෙත ලබා දිය යුතුව ඇතැයි, ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළා.
කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ බලාගාර දෙකක් ඩීසල් නොමැතිව ඊයේ (13) දහවල් අක්‍රිය කිරීමට සිදුවීමත් සමග ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවුණා.
එම බලගාර දෙක අක්‍රීය වීමෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ඒකක ප්‍රමාණය මෙගාවොට් 300 ක්.
මේ අතර මෙරට ජල විදුලි ජනනය දෛනික විදුලි අවශ්‍යතාවයෙන් සියයට 30 ක් දක්වා පහළ ගොස් ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ කැනියන් ජල විදුලි බලාගාරයේ විදුලි ජනනය මේ වනවිට අත්හිටුවා ඇති බවයි.
ඒ, එහි නඩත්තුවක් හේතුවෙනි.
කාසල්රී, මවුසාකැලේ ඇතුළු විදුලි බලාගාර ආශ්රිත ජලාශවල ජල මට්ටම් ද මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා.