ටොංගා ගිනි කදු පිපිරීමෙන් මතුවූ සුනාමිය අවසන්

මුහුදු පත්ලේ පිහිටි ගිනි කන්දක් සක්‍රිය වීමත් සමඟ දකුණු පැසිෆික් කලාපයේ පිහිටි ටොන්ගා දූපත් ආශ්‍රිත කලාපයට නිකුත් කෙරුණු සුනාමි අවදානම් තත්ත්වය මේ වනවිට පහව ගොස් තිබෙනවා.

ගිනි කන්ද සක්‍රීයවීමත් සමඟ ෆීජි රාජ්‍ය සහ නවසීලන්තය ඇතුළු ෆැසිපික් කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා. දකුණු පැසිෆික් කලාප මුහුදු පත්ලේ පිහිටි ගිනි කන්දේ පිපිරීම එහි සිට කිලෝමීටර් 800ක් දුරින් පිහිටි ෆීජි රාජ්‍යයට ද ඇසුනු බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද වෙරළ ආශ්‍රිත ජනතාව තවදුරටත් අවදානයෙන් කටයුතු කළ යුතු බව පැසිෆික් සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

මේ අතර පිපිරීමෙන් කිසිඳු පුද්ගලයෙක් තුවාල ලබා හෝ මියගොස් නොමැති බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් පවසනවා. කෙසේ වුවද පේරු රාජ්‍යයේ නගර රැසක් අඩි කීපයක් උසට මුහුදු ජලයෙන් යටවී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම සුනාමි තත්ත්වය කිලෝමීටර 10,000 ක් දුරින් පිහිටි චිලී රාජ්‍යයටද බලපෑ අතර එහිදී මීටර 1.7 ක උස රළ පහරක් වාර්තා වුණා.

පුවත යවන්න