එළඹෙන ඕනෑම මැතිවරණයකදී වෙනම ම සන්ධානයක් ලෙස තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.
හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව තහවුරු කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ගිවිසුම්වලට එළඹි කිසිදු පාර්ශ්වයක් මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකරන බව හිටපු මහලේකම්වරයා සඳහන් කළා.
ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව සදහන් කළේ.