ලබන විසිදෙවනදා තෙක් විදුලි කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් අද සැකච්ඡාවක් පැවැත්වෙන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. මේ අතර තෙල් ලබාදීම සඳහා ඩොලර් අවශ්‍යතාවක් බවතින බවයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන්නේ.
විදුලිබල මණ්ඩලය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් තුන්දහසක් ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කිරීම හේතුවෙන් 18 වනදා දක්වා විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිව තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය හෙට දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ එම මණ්ඩලයට පත්කළ නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය පළකරමින්. පත්කිරීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවයි එම සංගමය සදහන් කරන්නේ.
මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින වියළි කාලගුණය සහ ජලාශවල ජල මට්ටම පහත බැසීම ද විදුලිය නිෂ්පාදනයට අභියෝගයක්වී ඇති බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ. ජාතික වගකීමක් සේ සලකා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.