ඉදිරියේ දී විදුලි වාහනවලට ප්‍රමුඛතාවය / ජනපති

ඉදිරියේ දී වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන විට, විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා ප්‍රමුඛතාව ලබා දෙන්නට බලාපොරොත්තු වන බව  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව, වාහන සඳහා විදුලිය සැපයීමේ දී හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කරන්නට අප සැලසුම් කළ යුතුයි.

වාර්ෂිකව අපේ රටේ ආනයන වියදමෙන් 20%ක් පමණ වෙන් වන්නේ තෙල් ආනයනය සඳහායි. සමස්ත අපනයන ආදායම මාසයකට ඩොලර් මිලියන 1000කටත් වඩා අඩු ප්‍රමාණයක් වන විට තෙල් සඳහා පමණක් මාසයකට ඩොලර් මිලියන 350කට ආසන්න ප්‍රමාණයක වියදමක් දැරීමට අපට සිදු වෙනවා. මෙලෙස ආනයනය කරන තෙල්වලින් 70%ක් පමණ වැය වන්නේ වාහන සඳහා ඉන්ධන වශයෙන්. විදුලි උත්පාදනය සඳහා 21% පමණ වැය වෙනවා. කර්මාන්ත සඳහා යොදා ගැනෙන්නේ 4% ක් පමණයි.

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

පුවත යවන්න