ඔස්ට්‍රේලියාවේ working හා Student වීසා ගාස්තු අඩු කරයි

ඕස්ට්‍රේලියාවට පැමිණෙන්නන් දිරිමත් කිරීම සඳහා අද සිට ක්‍රියාත්මක වන පරිදි, ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ගේ සහ working holiday වීසා අයදුම් කරන්නන්ට වීසා ගාස්තු අඩු කෙරේ.

Omicron ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇති වූ ශ්‍රම හිඟය පියවීම සඳහා අගමැති Scott Morrison මෙම වෙනස්කම් නිවේදනය කළේය.

ජාත්‍යන්තර සිසුන් හට බදාදා සිට සති අටක් සඳහා වීසා ගාස්තු නිදහස් කෙරෙන අතර, working holiday වීසා අයදුම් කරන්නන් සඳහා සති 12ක් සඳහා වෙනස්කම් ක්‍රියාත්මක වේ.

ඕස්ට්‍රේලියාවේ කොරෝනා ව්‍යාප්තිය සමග උග්‍ර ශ්‍රමික හිඟයක් මතුව තිබීම ද මෙම තත්ත්වයට බලපා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ප්‍රාන්ත තුන මගින් කොවිඩ් මරණ 61ක් වාර්තා වී තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොවිඩ් මරණ 32ක් වාර්තා වන අතර මේ වනවිට ප්‍රාන්තයේ ආසාදිතයින් 2,863 දෙනෙකු රෝහල්ගත කොට තිබේ. එමගින් ආසාදිතයින් 217 දෙනෙකු දැඩි සත්කාරක ඒකක වල පසුවේ.-Lankaanews.com

පුවත යවන්න