කැනඩාවේ වාර්තාවට ලංකාව උත්තර දෙයි

කැනේඩියානු සංචාරක මාර්ගෝපදේශවල ශ්‍රී ලංකාව පිළිබඳව අඩංගු සාවද්‍ය සහ යල්පැන ගිය තොරතුරු නිරවද්‍ය කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය පිළිබිඹු නොවන, සාවද්‍ය සහ යල්පැන ගිය තොරතුරු 2022 ජනවාරි 13 වැනි දින නිකුත් කරන ලද එම මාර්ගෝපදේශවල ඇතුළත්ව තිබූ බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සදහන් කළා.

මෙම සංචාරක මාර්ගෝපදේශය තුළ රටේ ආර්ථික සහ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සාවද්‍ය තොරතුරු මෙන්ම, සංචාරය සඳහා පැමිණෙන කාන්තාවන්ගේ ආරක්‍ෂාව කෙරෙහි අවධානය යොමුකිරීම සහ විදේශිකයන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් ද සාවද්‍ය තොරතුරු ඇතුළත්වී තිබූ බව විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව සැබෑ යථාර්ථයන් පිළිබඳව කැනේඩියානු බලධාරීන් පහත පියවරයන් ඔස්සේ දැනුවත් කිරීමට කටයුතු කළ බවද එම අමාත්‍යාංශය සඳහන් කළා.

පුවත යවන්න