කොළඹ වරායට පැමිණ ඇති නැව් දෙකේ ඉන්ධන මෙට්‍රික් ටොන් තිස්හත් දහස් පන්සියයක් ගොඩබෑම මේ වෙන විට ආරම්භ කර තිබෙනවා. ඉන් මෙට්‍රික් ටොන් දසදහසක් විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදෙන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ. ඒ අනුව කප්පාදුවකින් තොරව දින 8 ක් විදුලිය ලබා දිය හැකි බව ඒ මහතා පැවසුවා.
කෙසේ වෙතත් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසන්නේ තම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිනකට පැයයි විනාඩි හතලිස් පහක් විදුලිය කප්පාදු කිරීමට සිදු වනු ඇති බවයි. මේ වන විටත් ප්‍රදේශ කිහිපයකින් විදුලි කප්පාදුවීම් වාර්තා වී තිබෙනවා.
මෙගාවොට් ටොන් 300ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන කැළණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 150ක ජනන යන්ත්‍රයක් අද අලුයම අක්‍රිය වුණා. එහි මෙගාවොට් 150ක අනෙක් ජනන යන්ත්‍රයට සැපයෙන ඩීසල් තොග අවසන් වීම හේතුවෙන් එය ද අද පස්වරුවේ අක්‍රිය වී තිබෙනවා.මේ හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීමට සිදු වූ බවයි විදුලිබල මණ්ඩලය පවසන්නේ.
සපුගස්කන්ද බී බලාගාරයේ දැවිතෙල් අවසන් වීම හේතුවෙන් ඊයේ සම්පුර්ණයෙන්ම වැඩ නතර කෙරුණු අතර පසුව දැවි තෙල් මෙට්‍රික් ටොන් 900ක් ලබා දීමට ඛණිජතෙල් සංස්ථාව පියවර ගත්තා.
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි දින 8ක කාලයක් සදහා ප්‍රමාණවත් ඩිසල් මෙට්‍රික් ටොන් 10,000ක් ලබා දිමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කළ බව බලශක්ති අමාත්‍ය උදය ගමන්පිල මහතා පවසනවා.
මේ විනවිට තෙල් සංස්ථාව මගින් කැළණිතිස්ස බලාගාරය වෙත තෙල් ගොඩබෑමේ කටයුතු සිදු වන අතර ඒ සදහා යම් කාලයක් ගත වන බැවින් නියමිත කාලයට ගොඩබෑමේ කටයුතු සිදු නොවුනහොත් එම කාල සීමාව තුළ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩයේ ප්‍රකාශකයෙකු සදහන් කළා. කෙසේ වෙතත් විදුලි කප්පාදුවක් සිදු නොවන ආකාරයෙන් අදාළ ගොඩබෑමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළේ.
පවතින විදුලි අර්බුදය හමුවේ ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීරණ වී තිබෙනවා. ඒ එම මණ්ඩලයට අලුතින් පත් කෙරුණු සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය දක්වමින්.