කොරෝනා ආසාදනය වූ සෑම පුද්ගලයෙකුම රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති, කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසනවා.
ඔහු මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවසුවේ , කොරෝනා ආසාදනය වූ පුද්ගලයන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම හේතුවෙන් ඔවුන්ට පසු කාලයේ දියවැඩියාව ඇති වීමේ ප්‍රවණතාවක් පවතින බවයි.
ලෝකය පුරා සිදුකළ අධ්‍යයන කිහිපයක් මගින් ද කොරෝනා ආසාදනය වූවන්ට දියවැඩියාව වැළදීමේ හැකියාව වඩාත් ඉහළ බව හදුනාගෙන තිබුණා.
ආසාදනයට ලක්වීමෙන් පසුව වයස් භේදයකින් තොරව මෙම අවදානම මතුවන බවයි අමෙරිකානු පර්යේෂණයක් තුලින් ද අනාවරණ කර ඇත්තේ.වෛරසය මගින් ශරීරයේ ඉන්සියුලින් නිෂ්පාදනය අඩපණ කරනු ලැබීම මීට හේතුව ලෙස නම් කර තිබෙනවා.