මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 12ක් වාර්තාවී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ මෙම මරණ 12ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,255ක් ලෙසයි.
වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ එක් මරණයක් ඊයේ තහවුරු කළ මරණ අතරට ඇතුලත්.
අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ද මෙම මරණ 12ට අයත් වනවා.
අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 09ක් වාර්තා වන අතර ඒ පිරිමි 6ක් සහ කාන්තාවන් 3ක් වශයෙන්.