පාඨලීට විශේෂ රෝගී තත්ත්වයක් නෑ/ අධිකරණ වෛද්‍ය නිලධාරී හෙළිකරයි

රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් පාඨලී රණවක මන්ත්‍රීවරයාට එරෙහිව කොළඹ ප්‍රධාන මහාධිකරණය විභාග වන නඩුව ලබන මස 18 වනදා දක්වා කල් තැබීමට ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත අද (21) නියෝග කරනු ලැබුවා.

අද දිනයේදී නඩුවට පෙනී සිටීම සඳහා පාඨලී චම්පික රණවක අධිකරණයට පැමිණ සිටියා.

මෙහිදී කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් අධිකරණයට දැනුම් දුන්නේ පසුගිය 10 වනදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබූ පාඨලී චම්පික රණවක සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණ 10 කින්ම ඔහුට විශේෂ රෝගී තත්ත්වයක් නොතිබූ බව අනාවරණ වූ බවයි.

පසුගිය 11 වනදා කොළඹ මහාධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව පරීක්ෂා කර සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබුණා.

පුවත යවන්න