25වනදා සිට යළි විදුලිය කැපීමේ අවදානමක් – විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ (Audio)

කැළණිතිස්ස විදුලි බලාගාරය 25 වැනිදා වන විට සක්‍රිය නොවුනොත් යළි විදුලිය කැපීමේ අවදානමක් ඇතිබව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

කෙසේ වෙතත් පවතින විදුලි අර්බුදයට විසදුම් සදහා විදීලාම්පු සහ රාජ්‍ය ආයතනවල විදුලි පරිභෝජනය අවම කිරීම සදහා මේ වන විට අවම කිරීම සදහා අවදානය යොමු වී ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

විදුලි උත්පාදනය සදහා අවශ්‍ය ඉන්ධන අද පස්වරුව වන තෙක් පමණක් ඇති බවටයි මින් පෙර ප්‍රකාශ කර තිබුණේ. කෙසේ වෙතත් ඉදිරි දින 3 සදහා අවශ්‍ය ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාවෙන් ඊයේ දිනයේදී විදුලි බල මණ්ඩලය වෙත ලැබී ඇති බවයි අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ.

ඒ අනුව විදුලි සැපයුමේ කිසිදු බාධාවක් එම කාලය තුළ ඇති නොවන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

පුවත යවන්න