පාසල් ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වීම මේ දිනවල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.
මේ පිළිබද දෙමාපියන් හා ගුරුවරුන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ඔහු සදහන් කළේ.
“විශේෂයෙන්ම මේ දිනවල පාසල්වල විශාල වශයෙන් ආසාදිතයෝ වාර්තා වෙනවා. සංවෘත පන්ති කාමර තියෙන පාසල්වල දරුවන් පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඒ වගේම දරුවන් විශාල ප්‍රමාණයක් පන්තිකාමරයක රැඳිලා ඉන්න තැන්වල විශාල වශයෙන් ආසාදිතයෝ වාර්තා වෙනවා. ආසාදිතයෙක් වාර්තා වුණොත් විශාල පොකුරක් වාර්තා වෙනවා. පාසල් දරුවන් ගැන දෙමාපියන් හා ආචාර්ය මණ්ඩලය විශේෂ අවධානයකින් කටයුතු කරන්නේ නම් මේ තත්ත්වය යම් දුරකට මඟහරවා ගත හැකියි.”