විදුලිය කප්පාදු කිරීමේ තීරණය නතර කළා / විදුලි බල ඇමති

ඉදිරියේ දි විදුලිය කප්පාදුවක් සිදුකිරීමෙන් වලකින බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
මේ අතර, ඉන්ධන නෞකා දෙකකට ඩොලර් ගෙවීමට රජය තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව කියා සිටියා.
මේ අතර බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය , ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති රුපියල් බිලියන 93ක ණය ගෙවීම සඳහා මුදල් ලබා දෙන ලෙස ජනපතිවරයා මහාභාණ්ඩාගාරයට උපදෙස් ලබා දුන් බවයි.

පුවත යවන්න